ගීයක වරුණ♫ බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා...

Monday, August 2, 2010



බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා...
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් අවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා

බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා...


ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද රච්නය : ආනන්ද හේවා රංහිඳ
තනු නිර්මාණය - රෝහණ වීරසිංහ


මං හිතන්නෙ, බෞද්ධ කෙනෙකුට මෙම ගීතය ඇසූ විට සිතට දැනෙන පහන් හැඟීම විස්තර කරන්න අවශ්‍ය නෑ. පද රචනය, සංගිතය සහ ගායනය යන තුන් කොටසම ඉතා මැනවින් නිරමාණය වී තිබෙනවා සහෘදයාගේ හිතට පහන් හැඟීමක් දැනෙන ලෙසට.

මෙම ගීතයෙහි මා වඩාත්ම සිත් ගත් කොටස වනුයේ,
හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

Posted by K.C. Hewage at 9:28 AM  
0 comments

Post a Comment