අපි අපේ මවු බසට ජීවය දෙමු.

Thursday, January 17, 2008

If you can not see following post plz visit http://tech.thiwanka.com and install sinhala unicode in your PC.

අපි අපේ මවු බසට ජීවය දෙමු.

ප්‍රෳඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලාංකිකයන් වූ අප සතුව අන් කිසිදු භාෂාවකට නොදෙවෙනි වූ අලංකාර වූත් අර්ථ සම්පන්න වූත් භෂාවක් ඇත. නමුත් අවාසනාවකට මෙන් වර්තමානයේදී අප සිංහල භාෂාව භාවිතා කිරීමෙහි විශාල අඩුවක් දක්නට ඇත. එයට ප්‍රධාන වශයෙන් බලපා ඇති කරුණක් වන්නේ නවීන තාක්ෂණයෙහි ආගමනයයි. මක්නිසාද, නවීන තාක්ෂණය භාවිතා කිරීමේදී අප සැමවිටම ගැටෙනනේ ඉංග්‍රීසි භාෂාව සමග නිසාය.

නමුත් අන් රටවල් හා සංසන්දනය කිරීමේදී(උදා:- ජපානය), එම රටවල් නවීන තාක්ෂණය භාවිතා කරන්නේ තම මවු භාෂාවෙනි. ඔවුන් නවීන තාක්ෂණික මෙවලම් තම රටට සහ භාෂාවට ඔබින ආකාරට සකස් කොට ඇත. නමුත් අප ශ්‍රී ලාංකාව සැලකීමේදී මෙම තත්වය දක්නට ඇතතේ ඉතාමත් සුළු වශයෙනි. එයද සිදු වී ඇතතේ පර්යේෂණ කටයුතු සදහාය. මේ ආකාරයට සිංහල භාෂාවෙහි භාවිතය ක්‍රමක්‍රමයෙන් අඩු වුවහොත් සිංහල භාෂාව මිය ගිය භාෂාවක් වනු නොවනුමානය.

ඉංග්‍රීසි භාෂාව භාවිතා කරීම වරදක් නොවේ. එය භාවිතා කල යුතුය. නමුත් එය කල යුත්තේ අප සිංහල භාෂාව රැක ගනිමිනි.

සිංහල භාෂාව නවීන තාක්ෂණය සමග අනුගත කිරීමෙහිලා ආයතන කිහිපයක් අගනා සේවයක් ඉටු කරයි. එය පැසසිය යුතු මෙන්ම ජාතික සේවයකි.

සිංහල භාෂාව පරිගණක තාක්ෂණය සමග අනුගත කිරීම සදහා උපදෙස් පහත වෙබ් ලිපිනයන්ගෙන් ලබා ගත හැක.
1.) ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සදහා
http://sinhala.sourceforge.net/

2). වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා
http://fonts.lk/

අපි අපේ මවු බසට ජීවය දෙමු.

Posted by K.C. Hewage at 8:26 PM  
4 comments
Anonymous said...

We should not give up on Sinhala. But also we should not give up on English.

I'm very much sure that when we make the computer a day to day requirement of life. People will go for English rather than Sinhala.

To me Sinhala is our language not the global language and it we never be the global.

January 17, 2008 at 9:47 PM  
Anonymous said...

අන්තර්ජාල‍යේ වෙබ් අඩවි 90% English වන බැවින්, සිංහල ඉතිරි වන්නේ අපට පමණි.

January 17, 2008 at 10:06 PM  
K.C. Hewage said...

මා මෙම පලකිරීම මගින් අදහස් කරනු ලැබූයේ, ඉංග්‍රීසි භාවිතා කිරීම ගැන නොව සිංහල භාවිතා නොකිරීමයි.

සිංහල භාවිතා කරන්නේ අප ශ්‍රී ලාංකිකයන් වූ අප පමණක් වන නිසා, අනෙක් ජාතීන් සමග කටයුතු කිරීමේදී ඉංග්‍රීසි භාවිතා කළ යුතුය.

අප ඉංග්‍රීසි භාවිතා කළ යුත්තේ සිංහල රැක ගනිමිනි. සිංහල මියැදෙන්නට ඉඩ දී ඉංග්‍රීසි රැක ගැනීම ශ්‍රී ලාංකිකයන් වූ අපට වටින්නේ නැත. එමෙන්ම එය අප අපටම කරගන්නා නිගාවකි.

January 17, 2008 at 11:53 PM  
Anonymous said...

You cannot say this language is better than others just because we speak it from birth.

Sinhala, English, Hindi and Russian… who gives a shit what we speak.

Go and say “I can speak Russian” to some crowd. They’ll say “oh good to know, can you wipe my ass with it”

January 18, 2008 at 12:39 PM  

Post a Comment