තනියම වැවක් හදන හේ කුවින්ටි මාමා නම් විය

Wednesday, January 23, 2008

ජාතියම බත බුලතින් පෝ‌ෂණය කරන්නට අපේ රජදරුවන් වැව් අමුණු ඉදි කලහ. පෙරදිග ධාන්‍යාගාරය නම් විරුදාවලිය ලැබීමට තරම් ආදී අප සිංහලය බත බුලතින් පෝ‌ෂණය වී තිබුණේය. පුරාවෘත්තයන් වලට අනුව සොරබොර වැව ඉදි කරනලද්දේ බුලතා යෝධයා විසිනි. මෙම සටහන බුලතා යෝධයා පිළිබදව පැවසීමට නොව එවන් යෝධ වැඩක් කරන කුවින්ටි මාමා ගැනය. හේ තනියම වැවක් හදන්නට වෙරදරයි. අද වැව් තැනීමට අදහස් කරන අය බොහෝය. නමුත් ඒවා හුදෙක්ම අදහස් පමණි. නමුත් කුවින්ටි මාමාගේ වැවෙහි වැඩ බොහෝදුරට අවසන්ය. මේ ඔහුගේ කතාවයි.

මෙම සටහන ඉඩම් බිම් වල් ගසින් පිරෙද්දී කම්මැලිකමෙන් බලා සිටින මිනිසුන් සිටින යුගයක අනුන්ගේ ඉඩම් අස්වද්දන්නට දියවර ලබා දීමට වෙහෙසෙන ඒ ඔහුගේ වෑයමට උපහාරයක් ලෙසිනි.

උපුටා ගන්නා ලද්දේ රිවිර පුවත්පත.

Posted by K.C. Hewage at 8:35 PM  
0 comments

Post a Comment